යුක්රේනයේ ඉහළම ආරක්ෂක ප්‍රධානියා සහ අභිචෝදකයා සේවයෙන් පහ කෙරේ


යුක්රේනයේ ඉහළම ආරක්ෂක ප්‍රධානියා සේවයෙන් පහ කරයි

.

රුසියානු හමුදාවන් යුක්‍රේනයේ නැඟෙනහිර ප්‍රදේශය වෙත ඔවුන්ගේ ප්‍රහාර අඛණ්‌ඩවම එල්ල කරමින් සිටින මොහාතක, යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy විසින් සිය ගණනක් සාපරාධී ක්‍රියාදාමයන් සහ රාජද්‍රෝහී ක්‍රියාවන් උපුටා දක්වමින් එරට රාජ්‍ය ආරක්ෂක ප්‍රධානියා සහ අභිචෝදක ජෙනරාල්වරයා ඔවුන්ගේ ධුරයෙන් නෙරපා හැරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

 

"විශේෂයෙන්ම, නඩු පවරන්නන්ගේ කාර්යාලයේ සහ රාජ්‍ය ආරක්ෂක සේවයේ සේවකයින් 60 කට වඩා වැඩි පිරිසක් අත්පත්කරගත් භූමියේ රැඳී සිටින අතර ඔවුන් අපගේ රාජ්‍යයට එරෙහිව වැඩ කර ඇත. රාජ්‍යයේ ජාතික ආරක්‍ෂාවේ පදනමට එරෙහිව වාර්තා වී ඇති මෙවැනි අපරාධ මාලාවන් මෙන්ම යුක්‍රේන ආරක්‍ෂක හමුදා සහ රුසියානු විශේෂ සේවා අතර වාර්තා වී පවතින සම්බන්ධතා අපගේ නායකයින් පිළිබඳව ඉතා බරපතල ප්‍රශ්න මතු කරයි" යනුවෙන් ඉරු දින රාත්‍රී වීඩියෝ දේශනයේදී ජාතිය අමතමින් Zelenskyy ප්‍රකාශ කළේය. 

 

SBU හි ප්‍රධානියා ලෙස පත් කළ Zelenskyy ගේ ළමා මිතුරෙකු සහ හිටපු ව්‍යාපාරික හවුල්කරුවෙකු වන Ivan Bakanov මෙලෙස ධුරයෙන් නෙරපා හැරී අතර ඔහු යුද්ධය ආරම්භයේ සිට ආරක්ෂක කඩකිරීම් සම්බන්ධයෙන් වැඩෙන විවේචනයට ලක්ව සිටියේය. එමෙන්ම අභිචෝදක ජෙනරාල් ලෙස සේවය කළ Iryna Venediktova ද ධුරයෙන් නෙරපා හැරී අතර ඇය යුද අපරාධ විමර්ශනවලට උදව් කර ඇති බවට හෙළි වීම එයට හේතුවයි. මෙහිදී Iryna වෙනුවට ඇයගේ නියෝජ්‍ය ධුරයේ කටයුතු කළ Oleksiy Symoneko, අභිචෝදක ජෙනරාල් ධුරයට පත් කළ අතර SBU හි ප්‍රධානියා ලෙස Politico පත් කිරීමට නියමිතව තිබේ.

Comments