ගංවතුරින් පීඩාවට පත්වූ චීනයේ නිරිතදිග සහ වයඹ ප්‍රදේශය


චීන වාසීන් බහුතරයක් ගංවතුරෙන් පීඩාවට ලක් වේ

.

නිරිතදිග Sichuan පළාතට සහ Gansu හි වයඹ පළාතේ Longnan නගරයට අඛණ්‌ඩව ඇදහැලෙමින් පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇතිව තිබෙන හදිසි ගංවතුර තත්ත්වය නිසා අවම වශයෙන් පුද්ගලයන් දුසිමක් පමණ මිය ගොස් තවත් දහස් ගණනක් අනතුරට පත් වී ඇති බව රාජ්‍ය මාධ්‍ය ඉරිදා වාර්තා කළේය.

 

රජයට අයත් ප්‍රවෘත්ති ආයතනයක් වන CGTN ඉරිදා කියා සිටියේ Sichuan හි අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර  පුද්ගලයින් 1,300 ක් පමණ ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි. එමෙන්ම Longnan හි පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇති අතර පුද්ගලයින් 3,000 පමණ ඉවත් කර ඇති බව රාජ්‍ය විකාශන ආයතනය වන CCTV පැවැසීය. 

 

මිලිමීටර් 98.9 තරම් වූ වර්ෂාපතනය හේතුවෙන් දින 1 1/2 තුළ දරුණු ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවලට පසුගිය සතිය පුරාවටම සෙල්සියස් අංශක 42 (ෆැරන්හයිට් 107) දක්වා ඉහළ ගිය උෂ්ණත්වයක් වාර්තා වී ඇත. මෙහිදී අදහස් දක්‌වමින් කාළගුණ විශේෂඥයන් කියා සිටියේ උණුසුම් වාතයට වැඩි ජලය ප්‍රමාණයක් ගබඩා කළ හැකි බැවින් එය මුදා හරින විට විශාල වළාකුළු පිපිරීම් ඇති වී අති විශාල වර්ෂාපතනයක් ඇති වන අතර ගෝලීයව ඇති වන දේශගුණික විපර්යාසයන් නිසා මෙවැනි ආන්තික කාලගුණික සිදුවීම් ඉහළ යාමට වැඩි ඉඩකඩක් පවතින බවයි.

122 Views

Comments