Peach ගුවන් සේවය නැවත ගුවන්  ගමන් අරඹයි


Peach ගුවන් ගමන් සේවය හරහා නැවත ජපානය හා තායිවානය අතර ගුවන් ගමන් ඇරඹේ

.

ජපානයේ Peach ගුවන් ගමන සේවය එළඹෙන සැප්තැම්බර් 16 වනදා සිට Osaka හා Taipei හතර ගුවන් ගමන් වාර නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව නිවේදනය කර ඇත.

 

2021 වර්ෂය අප්‍රේල් 8 වන දින එම ගුවන් සේවාවේ සේවය තහනමට ලක් වීමෙන් වසර එකහමාරකට පමණ පසු මෙලෙස නැවත ඔවුන් ගුවන් ගමන් වාර ආරම්භ කිරීමට සූදානම් වන අතර ආරම්භයේ දී මෙම නගර දෙක අතර සතියකට ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් සැලසුම් කර ඇත.

 

Peach ගුවන් සේවය මේ වන විට ගුවන් මගීන් මිලියන 13කට පමණ සේවය සපයා ඇති අතර  තායිවානය සහ ජපානය අතර ගමන් කළ ගුවන් මඟින් මිලියන 5ක් පමණ ඔවුන්ගේ සේවය ලබාගෙන ඇත 

136 Views

Comments