ජුලි 18 වන සදුදා දින ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi සහ ඔහුගේ දකුණු කොරියානු සහකරු වූ Park Jin අතර Tokyo හි පැවති සාකච්ඡා අතරතුරදී යුද කාලීන ශ්‍රමය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා වලදී පළුදු වී ගිය ද්විපාර්ශ්වික සබඳතා යළි වර්ධනය කර ගැනීමට මෙන්ම දකුණු කොරියානුවන්ගෙන් වන්දි ඉල්ලීම් පිළිබඳ ආරවුල හැකි ඉක්මනින් සමථයකට පත් කිරීම සඳහා දෙරටේ විදේශ අමාත්‍යවරු එකඟ වී ඇති බව වාර්තා වේ .
කම්කරු නඩු වල පැමිණිලිකරුවන් විසින් අත්පත් කර ගෙන තිබෙන දකුණු කොරියාවේ ජපන් ආයතනික වත්කම් ඈවර කිරීමට පෙර 'අවශ්‍ය විසඳුම්' ඉදිරිපත් කිරීමට තමන් උත්සාහ කරන බව Prak විසින් මෙහිදී පවසා ඇති අතර කොරියානු අර්ධද්වීපයේ හිටපු සිවිල් කම්කරුවන් පිළිබඳ ආරවුල ඇතුළුව පවතින ගැටළු සියල්ලක්ම විසඳා ගැනීම සඳහා අසල්වැසියන් දෙදෙනාගේම සහයෝගිතාවය අත්‍යාවශ්‍ය බව Hayashi විසින් සිය කතාවේදී අවධාරණය කර තිබේ.
පැය දෙකහමාරක පමණ කාලයක් පුරාවට පැවති මෙම සාකච්ඡාවේදී ජපානයේ හමුදා ගණිකා මඩම්වල සැනසිලිදායක කාන්තාවන් ලෙස සේවය කිරීමට සිදු වූ කොරියානුවන් පිළිබඳ ප්රශ්නය දීර්ඝව සාකච්ඡා කළ බවත් “අනාගතය ඉලක්ක කරගත්” සබඳතා වර්ධනය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා තම අදහස් හුවමාරු කරගත් බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.