ඓතිහාසික අඬන චෙරි ගස්


Kyoto ප්‍රාන්තයේ, Maizuru හි Ruriji බෞද්ධ විහාරස්ථානයේ Yoshida අඬන චෙරි ගස් සම්පූර්ණයෙන්ම පාහේ මල් පිපෙන බව පසුගියදා වාර්තා වූ

.

Kyoto ප්‍රාන්තයේ, Maizuru හි Ruriji බෞද්ධ විහාරස්ථානයේ Yoshida අඬන චෙරි ගස් සම්පූර්ණයෙන්ම පාහේ මල් පිපෙන බව පසුගියදා වාර්තා වූ අතර මෙම දර්ශනය අප්‍රේල් 10 දක්වා ජනතාවට නැරඹිය හැකි වේ. 

 

වසර 400කට වඩා පැරණි එක් ගසක්,15 වැනි සියවසේ අග භාගයේ සිට 17 වැනි සියවසේ මුල් භාගය දක්වා ආසන්න වශයෙන් විහිදුණු Sengoku (සටන් කරන රාජ්‍යයන්) සමයේ සමුරායි යුධ නායකයකු වූ Hosakawa Yusai විසින් Kyoto නගරයේ Sakyo Ward හි Yoshida සිද්ධස්ථානයෙන් බද්ධ කරන ලද බව පැවැසේ. 

 

පුරාවෘත්තයට අනුව, පිටුවහල් කරන ලද උසාවියේ වංශාධිපති වූ Nakanoin Michikatsu සනසන්නට රණශූරයා විසින් සකුරා ගස ගෙන ගොස් තිබේ. පෞරාණික ගස මෙන්ම වසර 100 කට වඩා පැරණි දෙවන පරම්පරාවේ ගස සහ 2001 හි සිටුවන ලද තුන්වන පරම්පරාවේ ගස මුළුමනින්ම මල් පිපී තිබෙනු දක්නට ලැබේ .

 

Ruriji ගේ පල්ලියේ සාමාජිකයන් පිරිසකගේ  ප්‍රධානියා වන 72 හැවිරිදි Kenichi Takata අදහස් දක්වමින්, "Yoshida  ප්‍රදේශයේ ඉතිහාසය පිළිබඳ හැඟීමක් අමුත්තන්ට ලබා ගත හැකි නම් මම කෘතඥ වෙනවා." යනුවෙන් පැවැසීය.

135 Views

Comments