කුඩා පිරිමි දරුවෙකු ඝාතනය කිරීමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනේ


පිරිමි දරුවකු ඝාතනයට තැත්කළ කාන්තාවක් අත්අඩංගුවට පත්වෙයි

.

Fukuoka ප්‍රාන්තයේ Yumetown Hakata සාප්පු සංකීර්ණයේදී ඉරිදා පස්වරු 1.30 ට පමණ නාදුනන 13 හැවිරිදි පිරිමි දරුවෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට 32 හැවිරිදි Megumi Urata නම් රැකියා විරහිත කාන්තාවක් Fukuoka පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

 

තම පවුලේ සාමාජිකයන් සමඟ සාප්පු සවාරියක නිරත වෙමින් සිටි දරුවා Urata ගේ අහඹු ලෙස තෝරාගත් ප්‍රහාරයට ක්ෂණිකව ලක්ව ඇති බවත් පිහි ඇනුම හේතුවෙන් දරුවාගේ ගෙල පිටුපස තරමක් දුරට තුවාල සිදුවී ඇති බවත් පොලිසිය මෙහිදී සදහන් කළේය. 

 

පිරිමි ළමයාගේ 42 හැවිරිදි පියා විසින් පොලීසියේ නිලධාරීන් පැමිණෙන තුරු සැකකාර කාන්තාව යටපත් කර ගෙන ඇති අතර තුවාල ලැබූ දරුවා වහාම රෝහල් ගත කළ පසු ඔහුගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බවට වෛද්‍යවරුන් පවසා තිබේ. 

 

"ළමයෙකු මරා දැමුවහොත් තමන්ට මරණීය දණ්ඩනය ලැබෙනු ඇතැයි තමන් සිතූ බව" අත්අඩංගුවට පත්වූ කාන්තාව පොලීසියට පාපොච්චාරණය කර ඇත.

Comments