හදිසි මාධ්‍ය හමුවක් කැඳවූ ජපානයේ Figure Skating ශූරයා


Yuzuru Hanyu හදිසි මාධ්‍ය සාකච්ඡාවක් කැඳවයි

.

රට තුළ Figure Skating ක්‍රීඩාවේ රන් සලකුණක් තැබූ අග්‍රගණ්‍ය තරුවක් වන 27 හැවිරිදි Yuzuru Hanyu "ප්‍රධාන නිවේදනයක්" කිරීම වෙනුවෙන් අඟහරුවාදා සවස 5 ට හදිසි මාධ්‍ය හමුවක් කැඳවා ඇති බව ඔහුගේ කළමනාකරණ සමාගම සඳුදා නිවේදනය කළේය.

 

තම ක්‍රීඩා දිවිය තුළදී සිව් වතාවක් Grand Prix අවසන් ජයග්‍රාහකයෙක්, දෙවරක් ලෝක ශූරයෙක්, දෙවරක් ඔලිම්පික් රන් පදක්කම්ලාභීයෙක්, 2020 වසරේ මහාද්වීප හතරේ ශූරයෙක් සහ හය වතාවක් ජාතික ශූරයෙක් බවට පත්වූ Hanyu , මෑත වසරවලදී අයිස් මත ලිස්සා යන ඔහුගේ ක්‍රීඩා දිවිය සීමා කරමින් අඛණ්‌ඩව ඇතිවූ තුවාල වැලක් හේතුවෙන් සිය තරඟකාරී ක්‍රීඩා දිවිය නිම කර විශ්‍රාම යාමට සුදානම් වන බවට අනුමාන කිරීම් රාශියක් ඉදිරිපත් වී තිබේ. 

 

පසුගිය පෙබරවාරි මාසයේ Beijing හිදී පැවැති ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී අසාර්ථක වූ Three - peat ලංසුවකින් පසුව, ඔහුගේ දකුණු වළලුකර ප්‍රදේශය උළුක්කු වී සිව්වැනි ස්ථානයට පත් වීමට ඔහුට සිදුවූ අතර එය තවමත් නිසියාකාරව සුවය නොලැබීම හේතුවෙන් මාර්තු මාසයේ පැවැති ලෝක ශූරතාවලියෙන් පවා ඉවත් වීමට ඔහුට සිදුවිය. 

 

2018 වසරේ පැවැති Pyeongchang ක්‍රීඩා උළෙලේදී ලබාගත් ඓතිහාසික ඔලිම්පික් ශූරතාවය වෙනුවෙන්  ජපන් රජයේ මහජන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ ලාබාලතම පුද්ගලයා බවට වයස අවුරුදු 23 දී තේරී පත්වීමට Hanyu සිය ක්‍රීඩා ජීවිතය තුළදී සමත් විය.

Comments