බටහිර ජපානයේ Yamaguchi ප්රාන්ත නගරයේ පසුගිය ජූලි 8 වන දින සිට ගතවූ දින 10 තුළදී ප්රදේශවාසීන් 14 දෙනෙකුට තුවාල කර පලා ගිය හුදෙකලාව සැරිසරන දරුණු වඳුරෙකු සම්බන්ධයෙන් නාගරික පොලීසිය අවධානය යොමු කර ඇති බව වාර්තා වේ .
ආසන්නතම වඳුරු ප්රහාරය ජූලි 17 වන දින උදෑසන 6.50 ට පමණ නගරයේ Ogorishinmachi දිස්ත්රික්කයෙන් වාර්තා වූ අතර ප්රදේශයේ පිහිටා ඇති මහල් නිවාසයක පළමු මහලේ දොරට යොදා තිබූ තිරය විවෘත කළ වඳුරා විසින් කාමරයේ සිටි 4 හැවිරිදි දැරියකගේ වම් පාදය සීරීමට ලක් කර, තුවාල ඇති කර තිබේ. එමෙන්ම මහල් නිවාසය අසල සිටි තවත් පුද්ගලයින් පස් දෙනෙකුට ද වඳුරා විසින් පහර දී ඇති අතර ඔවුන්ගේ බෙල්ල සහ උදරය ඇතුළු ශරීර කොටස් සපා කෑමට ලක් කර ඇති බව පැවැසේ.
වඳුරා අල්ලා ගැනීම සඳහා ඔහු වැඩිපුරම ගැවැසෙන ප්රදේශ ඉලක්ක කර ගනිමින් පොලිස් මුර සංචාර සේවා දැනටමත් ක්රියාත්මක කර ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වමින් Yamaguchi ප්රාන්ත පොලිසියේ Yamaguchi Minami පොලිස් ස්ථානය සදහන් කළේය.