බටහිර ජපානය හරහා ගමන් කරමින් පවතින උණුසුම්, තෙතමනය සහිත වාතය සහ අඩු පීඩන පද්ධතිය මගින් අස්ථායී කාළගුණ තත්වයන් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවින් ජූලි 18 සිට ජූලි 20 දක්වා අවට ප්‍රදේශයට බලපැවැත්වෙන පරිදි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) විසින් අකුණු කුණාටු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර නායයෑම්, ඉහළ යන ජල මට්ටම් සහ අධික ගංවතුරෙන් ආරක්ෂා වන ලෙස බලධාරීන් සාමන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජූලි 19 වන දින ප.ව. 6 න් අවසන් වීමට නියමිත පැය 24 තුළ උතුරු සහ දකුණු Kyushu කලාපයේ සියලු ප්‍රදේශවලට මිලිමීටර් 200 ත් 300 ත් අතර දැඩි වර්ෂාපතනයක් සහ Chugoku හි මිලිමීටර් 100 ත් 150 ත් අතර තරමක් දැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවට JMA විසින් අපේක්ෂා කෙරේ.
පසුගිය දින කීපය පුරාවටම ඇද හැලුණු අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් පස ලිහිල් වූ අවදානම් සහිත ප්‍රදේශ පවතින බැවින් එක්වරම ඇතිවිය හැකි නාය යෑම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාළගුණ විද්‍යා ඒජන්සිය ප්‍රදේශවාසී ජනතාවට අවධාරණය කර තිබේ .