Wakayama ප්‍රාන්තයේ Shirahama හි පිහිටා ඇති Adventure World තේමා උද්‍යානයේදී ලොව කුඩාම පෙන්ගුයින් ප්‍රභේදයේ පැටවුන් හතර දෙනෙකු මෙලොව එළිය දුටු බවට උද්‍යාන නිලධාරීන් නිවේදනය කළ අතර ඔවුන් මාධ්‍ය වෙත එළිදැක්වීම සදුදා දින සිදුවිය. පසුගිය ජුනි මාසයේ 23 සහ 27 අතර කාලය තුළ උපත ලබා ඇති ඔවුන්ගේ ලිංගිකත්වය නිශ්චිතවම තහවුරු කර නොමැති නමුත් ඔවුන් සියලු දෙනාම බරින් ග්‍රෑම් 32.1-39.1 අතර පරාසයට අයත් ජවසම්පන්න පැටවුන් බව වාර්තා වේ.
Tokyo Sea Life උද්‍යානයෙන් සංසේචනය කරන ලද පෙන්ගුයින් බිත්තර මෙලෙස තේමා උද්‍යානයට හිමිව තිබූ අතර ඒවා පැටවුන් බිහිවන තුරු කෘත්‍රිමව වර්ධනය කරන ලදී. පසුගිය වසරේ සිදුවූ අඩුපාඩු මඟ හරවා ගනිමින් මෙවර සත්වෝද්‍යානය විසින් බිත්තර තැන්පත් කර තිබූ ඉන්කියුබේටරය තුළ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය බිත්තර වල පැවැත්මට ගැලපෙන පරිදි සකස් කර තිබු අතර එහි ප්‍රතිඵලයක් ලෙස බිත්තර හතරෙන්ම සාර්ථක ලෙස පැටවුන් බිහි වීම සිදුවිය.
ඔවුන්ගේ සාමාන්‍ය දිග සෙන්ටිමීටර 30 සිට 45 දක්වා වන අතර බර කිලෝග්‍රෑම් එකක් පමණ වේ. සුරංගනා පෙන්ගුයින් ලෙසද හඳුන්වන මෙම කුඩා පෙන්ගුවින් සත්ත්වයන් දකුණු ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සෞම්‍ය ප්‍රදේශවල ජීවත් වන අතර පැටවුන් දළ වශයෙන් මාස දෙකකින් පමණ වැඩිහිටි පෙන්ගුයින්ගේ ප්‍රමාණයට වර්ධනය වේ.
Adventure World හි මේ වනවිට අලුත උපන් පැටවුන් හතර දෙනා ඇතුළුව කුඩා පෙන්ගුයින් පැටවුන් අට දෙනෙකු සිටින අතර විවිධ විශේෂ අටකට අයත් පෙන්ගුයින් සාමාජිකයන් 450 දෙනෙකු පමණ වාසය කරයි. මෙම සුරංගනා පෙන්ගුවින් විශේෂය දැනට උද්‍යානය තුළ සිටින සතුන් අතරින් සාර්ථකව බෝ නොකළ එකම පෙන්ගුයින් විශේෂය වේ.