ඩොලර් මිලියන 18ක් වටිනා අප්‍රිකානු ඇත් දළ සහ Pangolin කොරපොතු තොගයක් මැලේසියාවෙන් සොයාගැනේ


ඩොලර් මිලියන ගණනක් වටිනා ඇත්දල තොගයක් මැලේසියාවෙන් සොයාගනී

.

අප්‍රිකාවේ සිට පැමිණි නෞකාවක ජුලි 10 වන දින සිදු කරන ලද හදිසි පරීක්ෂා කිරීම්වලින් අනතුරුව කියත් දැව තොගයක් පිටුපස සඟවා තිබූ RIinggit මිලියන 80 ක් එනම් ඩොලර් මිලියන 18 ක් ලෙස ගණන් බලා ඇති අප්‍රිකානු ඇත් දළ, Pangolin කොරපොතු, අනෙකුත් සත්ව හිස් කබල් සහ අස්ථි සහිත හොර බඩු කන්ටේනරයක් සඳුදා දින අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව මැලේසියානු රේගු දෙපාර්තමේන්තුවේ බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය .

 

ආනයනකරු සහ නැව් නියෝජිතයා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බැවින් දෙපාර්තමේන්තුව විසින් නැව් ගත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත විස්තරයක් ලබා නොදුන් නමුත් එම භාණ්ඩ තොගය තුළ ඇත් දළ කිලෝග්‍රෑම් 6,000ක් (රාත්තල් 13,227ක්), Pangolin කොරපොතු කිලෝග්‍රෑම් 100ක් (රාත්තල් 220ක්), රයිනෝ අං කිලෝග්‍රෑම් 25ක් (රාත්තල් 55ක්) සහ කිලෝග්‍රෑම් 300ක (රාත්තල් 661ක) බරකින් යුතු සත්ව හිස් කබල, ඇටකටු සහ අස්ථි කොටස් ඇතුළත්ව තිබූ බවට වාර්තා විය . 

 

කන්ටේනරය ආසියාවේ වෙනත් ප්‍රදේශවලට නැව්ගත කිරීමට අදහස් කළේද යන්න පැහැදිලි නැති නමුදු ඇත් දළ, රයිනෝ අං සහ Pangolin කොරපොතු වන අතිශය ඉහළ ඖෂධීය ගුණ ඇති බවට විශ්වාස කෙරෙන බැවින් කලාපය තුළ එවැනි වටිනා ද්‍රව්‍ය සදහා ඉහළ ඉල්ලුමක් පවතින බව මෙහිදී අදහස් දක්‌වමින් නිලධාරියෙකු පැවැසීය.

101 Views

Comments