ජපන් ජාතිකයින් දෙදෙනෙකු Street League Skateboarding වේදිකාවේ ඉහළම ස්ථාන දෙකකට හිමිකම් කී පළමු අවස්ථාව බවට ක්රීඩා ඉතිහාසය වෙනස් කරමින් Tokyo ඔලිම්පික් රන් පදක්කම්ලාභී Yuto Horigome ඉරිදා පැවැති Skateboarding ශූරතාවලයේ ප්රථම ස්ථානය හිමිකරගැනීමට සමත්වූ අතර ඔහුගේ සගයා වූ Sora Shirai එහි දෙවැනි ස්ථානයට පත්විය.
Jacksonville හිදී ලබා ගත හැකි උපරිමය වන ලකුණු 30න් ලකුණු 28.1ක් ලබා ගැනීමට Horigome මෙහිදී සමත් වූ අතර, ලකුණු 27.8 ක් හිමිකරගනිමින් තරඟාවලියේ දෙවැනි ස්ථානයට පත්විමට Shirai හට හැකියාව ලැබිණි. එමෙන්ම පෘතුගාලයේ Gustavo Riberio තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්වූ අතර මීළඟ තරඟ වටය අගෝස්තු 13 දින ආරම්භ වීමට නියමිතව තිබේ.
"මම ඇත්තටම සතුටු වුණා. තාක්ෂණික Skateboarding මට්ටම නිරන්තරයෙන් විකාශනය වෙමින් පවතින අතර ඉහළ ලකුණු ලබා ගැනීමෙන් තොරව ඔබට ජයග්රහණය කළ නොහැක. මම ටිකක් කලබල වුණා. නමුත් මට මගේම ශෛලිය පෙන්වීමට හැකි වීම ගැන මම සතුටු වෙනවා" යනුවෙන් මෙහිදී සිය ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් Horigome කියා සිටියේය .