ස්ථාවර ජාත්‍යන්තර තෙල් වෙළඳපොළක් වෙනුවෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ ජපානය සහ සෞදි අරාබිය 


ජපානය හා සෞදි අරාබිය අතර සබඳතා වර්ධනය වේ

.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් ඛනිජ තෙල් වල ස්ථාවර මිල ගණන් අඛණ්‌ඩව විචලනය වෙමින් පවතින බැවින් සම්පත් හිඟ ජපානය තුළ මේ වනවිට තෙල් සදහා වැයවන අධික පිරිවැය හමුවේ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී. මෙනිසා ගෝලීය තෙල් වෙළඳපොල ස්ථාවර කිරීමේ අපේක්ෂාවෙන් ඉරිදා සිට දින තුනක් පුරාවට පැවැත්වෙන ජපානය සහ සෞදි අරාබිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාව අගහරුවාදා දින ආරම්භ කිරීම සිදු විය. 

 

දෙරටේ විදේශ අමාත්‍යවරුන් Tokyo හිදී එකිනෙකා හමුවූ අතර එහිදී අදහස් දක්‌වමින් ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi සිය සෞදි අරාබියේ සගයා වන Faisal bin Farhan Al-Saud කුමරුගෙන් "OPEC Plus ලෙස හැඳින්වෙන ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය හා ජපානය අතර සම්බන්ධීකරණයට සහ සංවිධානයේ මිත්‍ර රටවල් වලින් රටේ අතිරේක තෙල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා සහයෝගීතාව ලබා දෙන ලෙසට" ඉල්ලා සිටියේය. 

 

එමෙන්ම මැදපෙරදිග සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් සමීප සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යන බවට Hayashi සහ Faisal මෙම හමුව අවසානයේදී තහවුරු කළ බව ජපාන අමාත්‍යාංශය නිවේදනය කළේය .

119 Views

Comments