එල්ටන් ජෝන් නම් අසහාය ගායකයා මේ වන විට කොවිඩ් ආසාදිත ව සිටින අතර එම හේතුවෙන් ඔහු ඔහුගේ ඉතා දිගු සමුදීමේ සවාරියේ කොටසක් කරගෙන පැවති Dallas නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ ප්රසංග දෙකක් කල් තබා ඇත.
ඔහු විසින් ඔහුගේ සමාජ ජාල ගිණුම් ඒ සම්බන්ධව සටහනක් තබමින් අනපේක්ෂිතව සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් සියලුම රසික රසිකාවන්ට කණගාටුව ප්රකාශ කර ඇති අතර ඔහු පූර්ණ එන්නත් කරන එක ලක්ව සිටි බැවින් ඔහුට රෝග ලක්ෂණ මද වශයෙන් පමණක් ඇති බව ප්රකාශ කර තිබුණි.
අදාල ප්රසංග පැවැත්වීමට නියමිතව තිබුණේ ජනවාරි 25 සහ 26 දෙදින තුළ වන අතර ඒ සඳහා ප්රවේශ පත්ර ලබා ගත් සියලුම ප්රේක්ෂකයන්ට ප්රසංග පිළිබඳව නිශ්චිත දිනයක් නැවත දැනුම් දෙන තුරු ප්රවේශපත් සුරක්ෂිතව තබා ගන්නා ලෙස දන්වා තිබේ.