තම දරුවන් පැය 10ක කාලයක් තනිව නිවසේ දමාගිය නොසැළකිලිමත් මවක් අත්අඩංගුවට


දරුවන් තනිව බොහෝ කාලයක් නිවස තුළ රඳවා ගිය මවක් අත්අඩංගුවට ගනී

.

Hokkaido ප්‍රාන්තයේ Asahikawa හි පිහිටි සිය නිවෙස තුළ වයස අවුරුදු 10 ටත් වඩා අඩු කුඩා දරුවන් දෙදෙනෙකු පැය 10 කට අධික කාලයක් තනිකර Pachinko ක්‍රීඩා කිරීමට ගිය Saki Shirahama නම් 27 හැවිරිදි කාන්තාවක, තම දරුවන් නොසලකා හැරීමේ චෝදනාව යටතේ ප්‍රාදේශීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ . 

 

ස්වයං ප්‍රකාශිත බාර් සේවිකාවක වන අදාළ සැකකාර කාන්තාව විසින් ඉරිදා උදෑසන 8 සිට සවස 6.20 දක්වා තම දරුවන් දෙදෙනා මෙලෙස තනිව දමා ගොස් ඇති අතර නිවසේ ඉදිරිපස දොර අගුළු දමා නොතිබූ බැවින් මව නොමැතිව දරුවන් තනිව සිටිනු දුටු අසල්වැසියෙකු පොලීසිය අමතා සිදුවීම වාර්තා කර ඇත .

 

දරුවන්ට කිසිදු ආකාරයක අසනීපයක් හෝ හානියක් සිදුවී නොමැති බවත් ඇය මීට පෙර අවස්ථා වලදිත් දරුවන් මෙලෙස තනිවම නිවසේ දමා ගොස් ඇත්දැයි විමර්ශනය කරන බවත් පොලීසිය මේ සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් ප්‍රකාශ කළේය.

100 Views

Comments