ආර්ථික සුරක්ෂිතතාව කෙරෙහි අවධානය යොමු කිරීමට පියවර ගත් ජපානය


රටේ ආර්ථිකය සුරක්ෂා කිරීමට ජපානය ක්‍රමවේද සකස් කරයි

.

රට තුළ මෑතකදී පනවන ලද ආර්ථික ආරක්ෂණ නීතිය යටතේ අංශ 20 කට අයත් රාමුව තුළ පවතින අන්තර්ගතය සංවර්ධනය, ප්‍රසම්පාදනය සහ කාන්දුවීම් වැලැක්වීම වැඩි දියුණු කිරීම සඳහා උසස් තාක්‍ෂණ අයිතම අඩු කරනු ඇති බවට මූලික මාර්ගෝපදේශ කෙටුම්පත් නිවේදනයක් අඟහරුවාදා පෙන්වා දී තිබේ. 

 

මෙයට කෘත්‍රිම බුද්ධිය, අධිධ්වනික ප්‍රවාහනය, අර්ධ සන්නායක, අභ්‍යවකාශය, මහජන සෞඛ්‍ය සහ සයිබර් ආරක්‍ෂාව යන ක්ෂේත්‍ර අයත් වන අතර, රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය හරහා අති නවීන, තාක්‍ෂණික සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් යෙන් බිලියන 500ක සහයෝගීතා අරමුදලක් පිහිටුවීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ . 

 

ඉදිරි සැලසුම් සදහා කුමන තාක්ෂණයන් කෙරෙහි අවධානය යොමු කළ යුතුද යන්න රජය තීරණය කළ පසු, එළැඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම සියලු යෝජනා අනුමත කිරීමට අපේක්ෂා කරන අතරම එහිදී ගනු ලබන මාර්ගෝපදේශයන්ට අනුව 2022 වසර අවසානය වන විට  පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය වන පරිදි පුද්ගලයින් බඳවා ගැනීම සිදු කෙරේ. 

 

මෙහිදී සම්බන්ධ වන පර්යේෂකයන් ඔවුන්ගේ මෙහෙයුම්වල රහස්‍යභාවය කඩ කළහොත්, කෙටුම්පතට අනුව ඔවුන්ට වසරක සිර දඬුවමකට හෝ යෙන් 500,000 දක්වා වූ දඩයකට මුහුණ දීමට සිදු වන අතර "මෙම තාක්ෂණයන් රාජ්‍ය බලයේ ප්‍රභවය වේ. ප්‍රධාන ආර්ථිකයන් හේතුවෙන් පර්යේෂණ හා සංවර්ධනය සඳහා අවශ්‍ය මානව සම්පත්, අතිවිශාල මුදලක් සහ කාලය ගලා එයි" යනුවෙන් කැබිනට් රැස්වීමට පසුව පැවැති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස්‌ දක්‌වමින් ආර්ථික ආරක්ෂාව භාර අමාත්‍ය Takayuki Kobayashi  පැවසීය.

122 Views

Comments