සුරතල් සුනඛයින්ට පහර දුන් Hokkaido හි දුඹුරු වලසා


ජපානයෙ දුඹුරු වලසා සුරතල් සුනඛයින්ට පහර දේ

.

2018 වසරේ සිට නගරයේ එළිමහන් ප්‍රදේශයේ ගැට ගසා සිටි බල්ලන්ට නැවත නැවතත් පහර දුන් ඉතා සුපරීක්ෂාකාරී වූ දුඹුරු වලසා, ජුලි 11 වන දින Hokkaido නගරයේ Rausu හි "පෙට්ටි උගුලකට" හසු වූ දුඹුරු වලසාම බව Hokkaido විශ්ව විද්‍යාලය විසින් සත්ත්වයාගේ ඛේටය යොදාගනිමින් සිදු කරන ලද DNA පරීක්ෂණය මගින් හෙළි වී තිබේ. 

 

Shari නගරයේ Rusha අසල්වැසි ප්‍රදේශයේදී ප්‍රථම වරට මිනිසුන්ට දැකගැනීමට හැකිවූ මෙම දුඹුරු වලසාගේ කේත නාමය "RT" වන අතර එදින පටන් ඔහු "Rusha Taro" යන අන්වර්ථ නාමයෙන් මිනිසුන් අතර ප්‍රචලිත විය. පසුගිය ජූනි 30 වන දින Rausu හි Hashikoi ගඟ අසබඩ පෙට්ටි උගුලක සිරවී සිටියදී ඔහුව සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවූ අතර 11 හැවිරිදි පිරිමි සතෙකු වූ වලසා බරින් කිලෝග්‍රෑම් 200 ක් සහ දිගින් සෙන්ටිමීටර 180.5 ක් පමණ වූ බව සඳහන් වේ. 

 

Rausu නාගරික රජය විසින් 2016 සිට 2021 දක්වා නගරයේ දම්වැල් දැමූ සුරතල් සුනඛයින්ට නැවත නැවතත් පහර දුන් RT වෙතින් ලබාගත් ඛේටය සහ අනෙකුත් කොටස් වලින් ලබාගත් සාම්පල DNA පරීක්ෂණ සදහා Hokkaido විශ්ව විද්‍යාලයට යැවීමට පියවර ගෙන තිබූ අතර සත්ත්වයාගේ ප්‍රහාර හේතුවෙන් එළිමහනේ දම්වැල් දැමූ බල්ලන් පස් දෙනෙකු මිය යාම සිදු විය .

84 Views

Comments