කාන්තාවකට පිහි ප්‍රහාරයක් එල්ල කළ භික්ෂුවක් අත්අඩංගුවට


අදාල සැකකරු ටකාඕ නාරා නම් 74 හැවිරිදි බෞද්ධ භික්ෂුවකි.

.

Hokkaido ප්‍රාන්තයේ සරුෆුට්සු ප්‍රදේශයේ 70 හැවිරිදි කාන්තාවකට පිහියකින් පහර දුන් 74 හැවිරිදි බෞද්ධ භික්ෂුවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසියට අනුව ටකාඕ නාරා නම් සැකකාර භික්ෂුව බීමතින් සිට ඇති අතර සවස 6 ට පමණ අදාල කාන්තාව සමඟ ආරවුලක් ඇති කර ගෙන ඇත.  

පසුව ඔහු පිහියකින් කාන්තාවගේ හිසට කිහිප වතාවක් පහර දී තිබේ.

මෙම කාන්තාව දරුණු ලෙස තුවාල ලබා ඇති අතර එය සුව වීමට සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව පොලිසිය පවසයි.

 

123 Views

Comments