දැරියකගේ මුහුණට වොලිබෝල් ප්‍රහාරයක් එල්ල කළ ගුරුවරයෙකු අත්අඩංගුවට


දැරියකට පහර දුන් ක්‍රීඩා ගුරුවරයා අත්අඩංගුවට ගැනේ

.

Chiba ප්‍රාන්තයේ Matsudo උසස් පාසලේ පැවැති ක්‍රීඩා පුහුණුවීම් අතරතුරදී ක්‍රීඩිකාවකගේ මුහුණට නැවත නැවතත් වොලිබෝලයක් විසි කර ඇයට පහරදීම සම්බන්ධයෙන් 50 හැවිරිදි Tetsutaro Kuniyasu නම් ගුරුවරයෙකුට එරෙහිව Matsudo පොලිසිය විසින් අඟහරුවාදා දින අධි චෝදනා එල්ල කර තිබේ . 

 

පාසලේ ව්‍යායාම ශාලාවේ දෙසැම්බර් 26 දින පස්වරු 2.30 ට පමණ පැවැති කණ්ඩායම් පුහුණුවීම් අතරතුරදී Kuniyasu විසින් උසස් පාසල් දැරියගේ මුහුණට වොලිබෝලය විසි කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් අනෙකුත් සිසුන් කියා සිටියේ " ගුරුවරයා නැවත නැවතත් වොලිබෝලය ඉතා ආසන්න දුරකට විසි කළ බවයි." 

 

ජූනි 29 වැනි දින ඇයට ශාරීරික තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් දැනටමත් අත්අඩංගුවේ සිටින Tokyo නගරයේ Minato Ward හි වාසය කළ ගුරුවරයා විසින් අලුතෙන් එල්ල කරන ලද චෝදනාව අර්ධ වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය සඳහන් කළේය. 

 

අධ්‍යාපන මණ්ඩලය මෙම සිදුවීම ශාරීරික දඬුවම් ක්‍රියාවක් ලෙස සලකා ගුරුවරයාට එරෙහිව ජුනි 22 වැනි දින විනය ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර දෙසැම්බර් මාසයේදී සිදුවූ සිදුවීමේ වැඩිදුර විමර්ශනයකින් අනතුරුව පොලිසිය විසින් Kuniyasu ට එරෙහිව දෙවන චෝදනාවක් එල්ල කිරීමට පියවර ගෙන ඇත .

70 Views

Comments