මාස 7ක කාලයක් පුරාවට මළසිරුරක් නිවසේ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගැනේ


මළ සිරුරක් නිවසේ රඳවාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගැනේ

.

Shizuoka ප්‍රාන්තයේ Fuji හි පිහිටි නිවසක තිබියදී මීට මාස හතකට පමණ පෙර කාලයකදී මියගිය Kazuko නම් 91 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් හමුවී ඇති අතර එය නිවසේ තබා ගැනීම සහ පසු කාලීනව අතහැර දමා යාම සම්බන්ධයෙන් සැකපිට ප්‍රාදේශීය පොලීසිය විසින් මියගිය කාන්තාවකගේ Hiromi Ogawa නම්   දියණිය පසුගිය සඳුදා  දින අත්අඩංගුවට ගෙන තිබේ. 

 

"තම මව පසුගිය වසරේ දෙසැම්බර් මස අග දිනෙක නිවසේදී මිය ගිය බවත් කුමක් කළ යුතු දැයි නොදන්නා බැවින් එය වාර්තා කිරීමට තමන් අපොහොසත් වූ බවත් "Ogawa විසින් පොලිස් නිලධාරීන්ට පැවැසීය. 

 

මරණයට හේතුව සොයා බැලීම සඳහා ක්ෂණික පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බව මෙහිදී සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් පොලිසිය සදහන් කළේය.

89 Views

Comments