COVID-19 වසංගත තත්වය ක්‍රමයෙන් පිරිහී යාමත් සමග විදේශයන්හි සිට ජපානයට පැමිණෙන විද්ශිකයන් පිළිගැනීමේ වීසා ක්‍රියා පටිපාටි නැවත ආරම්භ කිරීමෙන් පසු 1300 කට වැඩි පිරිසක් මාර්ගෝපදේශ සංචාර සඳහා ජපානයට පැමිණිමට ඉල්ලුම් කර ඇති බව ජපාන සංචාරක නියෝජිතායතනයේ ප්‍රධානියා වන Koichi Wada සිකුරාදා පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
කුඩා විදේශිකයන් පිරිසකගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය බදාදා දින ජපානයට පැමිණි බව ඔවුන්ගේ ජාතිකත්වය හෙළි නොකරමින් ඔහු සඳහන් කළ අතර ජපානයට ළඟා වන ප්රවේශයන් "සෙමෙන් ඉහළ යනු ඇතැයි" තමා අපේක්ෂා කරන බව මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් පැවැසීය. ප්‍රධාන වශයෙන් අග්නිදිග ආසියානු රටවලින් මෙන්ම දකුණු කොරියාවෙන් සහ එක්සත් ජනපදයෙන් බොහෝ සංචාරකයන් පිරිසක් ඉල්ලුම් කර ඇති බව පැවැසේ .
මුව ආවරණය පැළඳීම ඇතුළු ආසාදන වැළැක්වීමේ පියවරයන් අනූගමනය කරන ලෙස ද මින් පෙර COVID-19 වෛරසය වැළඳී ඇත්නම් වෛද්‍ය රක්ෂණයක් ලබා ගන්නා ලෙස ද රට තුළට පැමිණෙන සංචාරකයන්ගෙන් ජපාන සංචාරක නියෝජිතායතනය ඉල්ලා තිබේ.