2017 වසරේදී රජය විසින් පිරිනමන ලද සහනාධාරයක් ලබා ගැනීම සඳහා උපකාර කිරීම වෙනුවෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් අල්ලස් ලබා ගත් ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු නිලධාරියෙකු හට ටෝකියෝ දිස්ත්‍රික් අධිකරණය විසින් වසර 2 යි මාස 6 ක සිර දඬුවමක් සහ වසර පහක වැඩ තහනමක් පනවා ඇති බව වාර්තා වේ .
විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් සේවය කළ 62 හැවිරිදි Futoshi Sano විසින් තම පුතාට වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීමට අවස්ථාවක් හිමිකර ගැනීමට හිලව් කිරීමක් ලෙස Tokyo වෛද්‍ය විශ්ව විද්‍යාලයට අදාළ සහනාධාරය ලබා ගැනීමට උදව් කර ඇති අතර එවකට විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයේ ඉහළම පාලන නිලධාරියා වූ Masahiko Usui සහ එහි හිටපු සභාපති වූ Mamoru Suzuki යන දෙදෙනාට ද අල්ලස් ගැනීමට එරෙහි දඬුවමක් ලෙස එවැනිම අත්හිටවූ සිර දඬුවම් නියම වී තිබේ .
81 හැවිරිදි Usui හට වසර 4ක් සහ මාස 6ක සිරදඬුවමක් ද, 73 හැවිරිදි Suzuki හට වසර 2ක සිරදඬුවමක් ද, මෙහිදී නියම වූ අතර වෛද්‍ය උපදේශන සමාගමේ හිටපු විධායක නිලධාරියෙකු වූ 51 හැවිරිදි Koji Taniguchi හට නඩුවට හවුල් වීමේ වරදට වසර 2ක සිර දඬුවමක් සහ වසර පහකට අත්හිටවූ සේවා කාලයක් හිමිවිය.