පළමු දේශීය මුඛ මාර්ග COVID-19 ඖෂධය අනුමත කිරීම කල් දැමූ ජපානය


ජපානය ප්‍රථම දේශීය මුඛ මාර්ග කොවිඩ් ඖෂධය අනුමත කිරීම කල් දමයි

.

එන්නත් කිරීම මගින් ශරීරගත කිරීම වෙනුවට මුඛ මාර්ගය ඔස්සේ COVID-19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ ඖෂධ ශරීරගත කිරීම වෙනුවෙන් Shionogi Co. විසින් සංවර්ධනය කරන ලද නව ඖෂධයක් භාවිතා කිරීම අනුමත කිරීමේ තීරණය ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශ මණ්ඩලයක් විසින් බදාදා දින යළිත් වරක් කල් දැමූ අතර, පසුගිය මාසයේ පැවති සාකච්ඡාවේදී ද මෙලෙසින්ම ඖෂධය අනුමත කිරිමේ තීරණය කල්දැමීම සිදුවිය. 

 

ඖෂධ සමාගමට එහි සායනික අත්හදා බැලීම් පර්යේෂණ වලදී නව ඖෂධයේ කාර්යක්ෂමතාවය ප්‍රදර්ශනය කිරීමට නොහැකි වීමේ කනස්සල්ල මධ්‍යයේ සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශ මණ්ඩලයේ සාමාජිකයින් විසින් තිරණය කල් දැමීමට සහ සාකච්ඡා අඛණ්‌ඩවම සිදු කරගෙන යාමට පියවර ගෙන තිබේ. 

 

මෙහිදී අදහස් දක්‌වමින් ජපානයේ ඖෂධ සහ වෛද්‍ය උපාංග නියෝජිතායතනය කියා සිටියේ "වාචිකව ලබා දෙන Corona වෛරස පෙත්ත එනම් 'Xocova' ඵලදායී නොවන බවත්, දැනට එය ප්‍රතිකාර සඳහා විකල්පයක් ලෙස භාවිතා කළ හැකිද යන්න තීරණය කිරීමට නිශ්චිතවම නොහැකි" බවත්ය. 

 

මෙම ඖෂධයේ මධ්‍ය-අදියර සායනික අත්හදා බැලීම් මගින් දේහය තුළ Corona වෛරස අඩු කිරීමේ කාර්යක්ෂමතාව පෙන්නුම් කළද, Placebo ඖෂධ සහ මෙම ඖෂධය ලබා දුන් අවස්ථාව අතර හිසරදය සහ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ 12 ක් සමනය කිරීමේ සැලකිය යුතු වෙනස්කම් කිසිවක් නොමැති බව සඳහන් වේ .

90 Views

Comments