ජපානයේ ඉහළම කතෘ සම්මාන ද්විත්වය හිමිකරගැනීමට සමත්වූ කාන්තා ලේඛිකාවෝ


ජපානයේ ඉහළම කර්තෘ සම්මානය කාන්තා ලේඛිකාවන් දෙදෙනෙකු හිමිකර ගනී

.

ජපානයේ කීර්තිමත් නවකතාකරුවෙකු වන Ryunosuke Akutagawa සහ ලේඛක Sanjugo Naoki සිහි කිරීම වෙනුවෙන් 1935 දී ආරම්භ කරන ලද Akutagawa සහ Naoki යන සාහිත්‍ය ත්‍යාගවල මේ වසරේ ජයග්‍රාහකයින් ජුලි 20 වන බදාදා දින Tokyo නගරයේ පිහිටි Tsukiji සාම්ප්‍රදායික ජපන් අවන්හලේදී තේරීම් කමිටුව විසින් අනාවරණය කල අතර කාන්තා ලේඛිකාවන් දෙදෙනෙකු එහිදී ත්‍යාග හිමිකරගැනීමට සමත් වී තිබේ.

 

මේ වසරේදී නවක කතුවරුන් සඳහා වන Akutagawa ත්‍යාගය දිනා ගැනීමට Junko Takase ගේ කෙටි නවකතාව "Oishii Gohan ga Taberaremasuyoni" එනම් "රසවත් ආහාර අනුභව කිරීමට හැකි වීම" නම් කෘතිය සමත් වූ අතර ජනප්‍රියතම ප්‍රබන්ධය සඳහා වන Naoki ත්‍යාගය දිනා ගැනීමට Misumi Kubo ගේ කෙටිකතා සංග්‍රහයක් වූ "Yoru ni Hoshi wo Hanatsu" එනම් "රාත්‍රී අහසට තරු මුදා හැරීම" නම් කෘතිය සමත් විය. 

 

දක්ෂ කතුවරියක් සහ Akutagawa ත්‍යාගයේ තේරීම් කමිටු සාමාජිකාවක් වන Hiromi Kawakami විසින් Takase නම් කතුවරියගේ ත්‍යාගලාභී කෘතිය අගය කරමින් කියා සිටියේ "එය කුඩා කණ්ඩායමක් තුළ මානව සබඳතා පිළිබඳ විචිත්‍රවත් අවබෝධයක්. එය හුදෙක් හොඳ හෝ නරක නොවන මිනිසුන්ගේ සංකීර්ණත්වය විශිෂ්ට ලෙස නිරූපණය කරයි" යනුවෙනි. 

 

"එහි එකතුව පිරිසිදු හා ලස්සන බවත්, එය තමන් Corona වසංගතයෙන් පසුබට නොවන බව විදහා දැක්වෙන පරිදි සුමට ලෙස ලියා ඇති බවත්" Naoki තේරීම් කමිටුවේ සේවයේ නියුතු කතුවරියක් වන Mariko Hayashi විසින් Kubo නම් කතුවරියගේ ග්‍රන්ථය සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් කියා සිටියාය. 

 

මෙහිදී කතුවරුන් දෙදෙනාටම ත්‍යාග මුදලින් යෙන් මිලියනයක් බැගින් හිමිවූ අතර එළැඹෙන අගෝස්තු මස අගදී Tokyo නගරයේ පැවැත්වීමට නියමිත උත්සවයකදී ඔවුන් දෙදෙනාට සම්මාන පිරිනැමීමට නියමිතව ඇත.

140 Views

Comments