ගමන් කරමින් තිබූ අධිවේගී දුම්රියකට පැන සියදිවි හානි කරගත් පුද්ගලයා


පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි නසා ගනී

.

බටහිර ජපානයේ Kobe ප්‍රාන්තයේ Nada Ward හි JR Tokaido දුම්රිය මාර්ගයේ පසුගිය ජුලි 19 වන දින සවස 6.05 ට පමණ ගමන් කරමින් තිබූ දුම්රියකට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකුගේ සිරුර දුම්රියේ ගැටී යළිත් වරක් වේගයෙන් දුම්රිය වේදිකාව දෙසට විසි වීම නිසා වේදිකාවේ සිටි පුද්ගලයන් 5 දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ .

 

Shiga ප්‍රාන්තයේ Kusatsu දුම්රිය ස්ථානයේ සිට Hyogo ප්‍රාන්තයේ Himeji දුම්රිය ස්ථානය බලා ගමන් කරමින් තිබූ කාර් හයක වේගයකින් යුතු දුම්රියක මෙම පුද්ගලයා ගැටී ඇති අතර ඔහුගේ මරණය එම ස්ථානයේදීම තහවුරු විය . මෙහිදී සිරුර වැදීමෙන් වයස අවුරුදු 30 ත් 60 ත් අතර වයස්වල පසුවන  කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් හිසේ සහ අනෙකුත් ප්‍රදේශවල සිදුවූ සුළු තුවාල සහිතව රෝහල් ගත කර ඇති බව පැවැසේ .

 

බටහිර ජපන් දුම්රිය සමාගම සහ අනෙකුත් මූලාශ්‍රවලට අනුව, Nada දුම්රිය ස්ථානය පසුකරමින් සිටි දුම්රිය, එක්වරම වේදිකාව පසුකර ගොස් මීටර් 300 ක පමණ දුරින් ඝෝෂාකාරී ලෙස නතර වී  ඇති අතර අනතුර හේතුවෙන් දුම්රියේ සිටි 750 ක් පමණ වූ මගීන්ගෙන් කිසිවෙකුටත් තුවාල සිදුවූ බවට වාර්තා වී නොමැත . 

 

අනතුර හේතුවෙන් Tokaido මාර්ගයේ Ashiya සහ Nishi-Akashi දුම්රිය ස්ථාන අතර සේවා තාවකාලිකව අත්හිටවූ අතර දුම්රියේ සිරව සිටී මගීන් සියලු දෙනා දුම්රිය මාර්ගයට බැස පයින්ම දුම්රිය ස්ථානයට පැමිණ තිබේ .

128 Views

Comments