කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා පාසල් මාර්ගගත ක්රමය ඔස්සේ පැවැත්වීම නිසා බොහෝ දරුවන් අන්තර්ජාලය හා ස්මාර්ට් ජංගම දුරකථන හා ගැටීම වැඩි විය. මෙම ක්රියාවලිය හේතුවෙන් ජපානයේ පාසල් බොහෝ අපහසුතාවයට මේ වන විට ලක්ව ඇති බව පසුගියදා කෙරුණු සමීක්ෂණයකින් හෙළි වී තිබේ. ළමයින් වැඩි වශයෙන් අන්තර්ජාලයට ඇබ්බැහි වීම හේතුවෙන් ඒ හරහා සිදුවන අපරාධ හා වෙනත් නීති විරෝධී ක්රියාකාරකම් ක්රමයෙන් වැඩි වී ඇති බව මෙම සමීක්ෂණ දත්තවලින් තහවුරු වී ඇත.
අන්තර්ජාලය හරහා සිදුවන මෙවැනි ක්රියා පිළිබඳව අත්දැකීම් අඩු ළමුන් ඒ සඳහා වැඩිපුර ගොදුරු වන හෙයින් දැන් දැන් ජපානයේ පාසල් දරුවන් මේ ක්රියාවලින් මුදවා ගන්නා ක්රම පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.