යුද්ධය සම්බන්ධයෙන් බටහිර ජාතීන් සහ Moscow අතර පවතින විරසකය ක්‍රමයෙන් ගැඹුරු වීම හේතුවෙන් යුක්රේනය වෙත සිදු කෙරෙන රුසියානු ආක්රමණයේ දරුණු භාවය වැඩි වීමට මෙන්ම චීනය සහ රුසියාව අතර තිබෙන යුධමය සබඳතා ශක්තිමත් වීමට තුඩු දිය හැකි බව අගමැති Fumio Kishida ගේ රජය යටතේ ජපාන රජය විසින් සිකුරාදා දින නිකුත් කළ පලමු වාර්ෂික ආරක්ෂක වාර්තාවේ සදහන් වේ .
"යුක්රේනයට එරෙහි ආක්‍රමණ හේතුවෙන් ජාත්‍යන්තරව හුදකලා වී සිටින සහ එහි ගොඩබිම් අබලන් වී ඇති රුසියාවට, චීනය සමඟ පවතින දේශපාලන හා යුධමය සහයෝගීතාවයේ වැදගත්කම දිනෙන් දින ඉහළ යා හැකිය" යනුවෙන් යුද්ධය කෙරෙහි අවධානය යොමු කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ධවල පත්‍රිකාවේ රචිත නව පරිච්ඡේදයක දක්වා තිබේ.
චීනය සහ රුසියාව අතර ඇති යුධමය සහයෝගීතාව ගැඹුරු වීමේ සම්භාවිතාව මගින් ජපානය අවට ආරක්ෂක පරිසරයට "සෘජු බලපෑමක්" ඇති කළ බැවින් එම තත්වය කනස්සල්ලෙන් යුතුව නිරීක්ෂණය කිරීම අත්‍යාවශ්‍ය පියවරක් බව එහි සටහන් කර ඇත.
ජපානය වටා වූ ප්‍රදේශය තුළ ඇතිව තිබෙන අතිශය දරුණු ආරක්ෂක තත්වයට ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් ජාතියේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% හෝ යෙන් ට්‍රිලියන 5ක් දක්වා දිගු කලක පටන් සීමා කර ඇති ආරක්ෂක අයවැය 2% හෝ ඊට වැඩි අගයකට හැකි ඉක්මනින් ඉහළ නැංවීමට සහ රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට Kishida ගේ නායකත්වයෙන් යුත් LDP පියවර ගනිමින් සිටී