රුසියාවේ යුක්රේන ආක්‍රමණය මධ්‍යයේ බලශක්ති මිල ඉහළ යාම සහ ගෝලීය ආර්ථික අවපාතනය මධ්‍යයේ 'යෙන්' හි අගය අවප්‍රමාණය වීම හේතුවෙන් ජපානයේ ආනයන වියදම් දැඩි ලෙස ඉහළ යාම සිදුවූ අතර එම උද්ධමනයේ ප්‍රතිඵලයක් ලෙස 2022 මූල්‍ය වර්ෂයේ පළමු භාගයේදී රට තුළ යෙන් ට්‍රිලියන 7.9 ක විශාලතම අර්ධ-වාර්ෂික වෙළඳ හිඟයක් වාර්තා වීම සිදුවිය.
මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද මූලික වාර්තාවලට අනුව, යුක්රේනය යුද්ධය හමුවේ බොරතෙල් සහ ගල් අඟුරු මිල විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් ආනයන වියදම වසරකට පෙර පැවැති අගය මෙන් 37.9% කින් එනම් යෙන් ට්‍රිලියන 53.9 ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම අපනයනය 15.2 % කින් එනම් යෙන් ට්‍රිලියන 45.9 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ද්‍රව්‍යමය මිල ඉහළ යාම සහ 'යෙන්' හි අගය දුර්වල වීම හේතුවෙන් 1979 වසරේදී සංසන්දනාත්මක දත්ත ලබා ගත හැකි වූ දා සිට අර්ධ වසරක කාලයක් සඳහා වාර්තාගත ඉහළ අගයක් මේ වසරේදී වාර්තා කළ බව අමාත්‍යාංශය මෙහිදී සදහන් කළේය.
"අපනයන සහ ආනයන යන දෙඅංශයේම වටිනාකම ඉහළ වේගයකින් ඉහළ යමින් පවතින නමුත් ඒවා වැඩි වශයෙන් ඉහළ ගොස් ඇත්තේ ඉහළ සම්පත් මිල සහ යෙන් අවප්‍රමාණය වීම නිසාවෙනි" යනුවෙන් Norinchukin පර්යේෂණ ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Takeshi Minami උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් කියා සිටියේය.