තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති සේසත් තාඹුගල මහත්මිය, තාක්ෂණික සීමාවාසික පුහුණුව (TITP) සහ විශේෂිත නිපුණතා සේවක (SSW) වැඩසටහන යටතේ වන රැකියා අවස්ථා ලබාගැනීම වැඩි කිරීම සඳහා, ජපානයේ වෙසෙන වියට්නාම් සහ නේපාල ජාතිකයින් වෙනුවෙන් ඔවුන්ගේ තානාපති කාර්යාල අනුගමනය කරන වඩාත්ම ඵලදායී ක්රමවේදයන් පිළිබඳව සාකච්ඡා කිරීමට වියට්නාම තානාපති කාර්යාල කම්කරු කාර්යාලයේ පළමු ලේකම්තුමා වන, (කම්කරු කටයුතු පිළිබඳ ප්රධානී) ඵාන් ටියෙන් හොඇන්ග් මහතා ද (Phan Tien Hoang) නේපාල තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති අම්බිකා ජෝශි මහතා (Mr. Ambika Joshi) සහ එම තානාපති කාර්යාලයේ දෙවන ලේකම්, කම්කරු කටයුතු පිළිබඳ ප්රධානී, ජිට් බහදූර් කර්කී මහතා (Mr. Jit Bahadur Karkee) හමුවිය.