ඒකාකාරී දිවියට සිසිලසක් ගෙන දෙන බටහිර ජපානයේ සුළං නාද උත්සවය


ජපානයේ සුලං නාද උත්සවය මෙවරත් පැවැත්විණි

.

උණුසුම් ග්‍රීෂ්ම සෘතුවට සිසිලසක් ගෙන දෙමින් එළැඹෙන සැප්තැම්බර් 4 දක්වා Yamaguchi ප්‍රාන්තයේ Ube හි Kotozaki Hachimangu සිද්ධස්ථානයේ පැවැත්වෙන සුළං නාද උත්සවය මෙවර සීනු  2500ක් පමණ යොදාගෙන අලංකාර කර ඇති අතර නරඹන්නන් හට තම ඒකාකාර දිවියට වෙනසක් එක් කර ගැනීම උදෙසා සියුම් සුළං නාදය නිදහසේ විඳීමට මෙහිදී අවස්ථාව සලසා දී තිබේ. 

 

සිද්ධස්ථානයේ ප්‍රධාන ශාලාවට පිවිසෙන ස්ථානයේ පවුලේ සාමාජිකයන් හට එක්වී සමරු ඡායාරූප ගැනීමට හැකිවන පරිදි එල්ලෙන සුළං නාදක වලින් සරසන ලද, උසින් මීටර් 3 ක් සහ දිගින් මීටර් 10 ක් වන උමඟක් දැකිය හැකි වන අතර සුළඟ හමන විට රතු, නිල් සහ කොළ පැහැයෙන් යුතු වීදුරු සුළං නාදක තාලයට සෙලවීම සිදුවේ . 

 

"COVID-19 වසංගතය දිගටම පවතින බැවින් අනාගතය තවමත් අපැහැදිලි ය. නමුත් අලංකාර ලෙස වර්ණ ගැන්වූ සුළං නාදකවලින් මිනිසුන්ට සිසිල් බවක් අත්විඳිය හැකි යැයි මම බලාපොරොත්තු වෙමි" යනුවෙන් සිද්ධස්ථානයේ සහකාර පූජකවරයා වන 40 හැවිරිදි Kenichi Shiraishi උත්සවය සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් කියා සිටියේය.

Comments