ජපානය COVID-19 වසංගතයේ හත්වන රැල්ලට ගොදුරු වෙයි


ජපානයේ covid ආසාදිතයින් තවදුරටත් ඉහළට යයි

.

අඛණ්ඩව තුන්වන දිනටත් නව වාර්තාවක් පිහිටුවමින් ජපානයේ දෛනික Corona වෛරස ආසාදිතයින් සංඛ්‍යාව සිකුරාදා දිනය තුළදී 190,000 සීමාව ඉක්මවා ගිය අතර, රට මේ වනවිට Omicron හි BA.5 උප ප්‍රභේදය මගින් මෙහෙයවනු ලබන COVID-19 වෛරස ව්‍යාප්තියේ හත්වන ආසාදන රැල්ල අත්විඳිමින් සිටින බව නිල දත්ත වාර්තා මගින් පෙන්වා දී තිබේ. 

 

මෙම වාර්තාගත වැඩිවීම සෞඛ්‍ය සේවා පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් පීඩාවට පත් කිරීමට සමත් වන නමුත් අගමැති Fumio Kishida මෙහිදී අදහස් දක්‌වමින් කියා සිටියේ "රජය මිනිසුන්ගේ සංචලනය සඳහා නව සීමාවන් සලකා බලමින් නොසිටින බවත්, ඒ වෙනුවට සමාජය සහ ආර්ථිකය පවත්වාගෙන යාමට උපකාරී වන ආකාරයට ආසාදිතයින්ගේ සමීපතමයන් ලෙස හඳුනාගත් පුද්ගලයින් සඳහා වන ස්වයං හුදකලා වීමේ කාලය දින හතේ සිට පහ දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත්ය ." 

 

කෙසේ නමුත් ස්වයං හුදකලා කාලය කෙටි කිරීමට රජය ගත් තීරණය අවදානම් සහගත බවට ඇතැම් සෞඛ්‍ය විශේෂඥයින් විසින් අනතුරු අඟවා ඇති අතර Kyoto විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු සහ රජයේ මණ්ඩල සාමාජිකයෙකු වන Hiroshi Nishiura පැවසුවේ "ආසාදන පාලනය සම්බන්ධයෙන් ගත් කල, එය ඍණාත්මකය. සමීප සම්බන්ධතා සංඛ්‍යාව විශාල බැවින් නොවැළැක්විය හැකි බලපෑමක් ඉදිරියේදී ඇති වනු ඇත" යනුවෙනි.

89 Views

Comments