පසුගිය වසරේ පෙබරවාරි මාසයේ පැවති සාමාන්‍ය ප්‍රවේශ විභාගයේදී භෞතික විද්‍යා ගැටළු සම්බන්ධයෙන් ලකුණු ලබාදීමේ දෝෂයක් හේතුවෙන් විභාගය සමත් විය යුතු සිසුන් පස් දෙනෙකු අසමත් කර ඇති බව ටොයාමා විශ්වවිද්‍යාලය ඊයේ(06) නිවේදනය කළේය.
ඒ අනුව ඔවුන් කැමති නම් ඔවුන්ට පාසලට ඇතුළු වීමට හෝ වෙනත් පාසලකට මාරු වීමට අවසර දෙනු ලැබේ.
සිසුන් පස් දෙනාට අමතරව තවත් සිසුන් දෙදෙනෙකුට තමන් කැමති පාඨමාලාවට ඇතුළත් වීමට නොහැකි වූ නිසා ඔවුන්ට පාඨමාලා වෙනස් කිරීමටද අවසර ලැබිණි.
මේ අතර ගුරුවරුන් 10 කට වැඩි පිරිසක පිළිතුරු පරීක්ෂා කළ නමුත් ඔවුන් කිසිදු වැරැද්දක් දැක නැති බවද වාර්තා වේ.