ඊසානදිග ජපානයේ අබලන් වූ Fukushima Daiichi න්‍යෂ්ටික බලාගාරයේ පවතින දූෂිත නමුත් එතැන් සිට පිරිපහදු කිරීමට ලක් කළ ජලය සාගරයට මුදා හැරීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද සැලැස්ම ජපානයේ න්‍යෂ්ටික නියාමකයා විසින් සිකුරාදා නිල වශයෙන් අනුමත කර තිබේ.
කම්හලේ ක්‍රියාකරු වන Tokyo Electric Power Company Holdings Inc. සහ රජය ඒකාබද්ධව, එළැඹෙන වසන්තයේ සිට Fukushima ප්‍රාන්තයේ පැසිෆික් වෙරළට කිලෝමීටර 1ක් පමණ දුරින් වූ සාගරය පතුලට ජලය මුදා හැරීම ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතරම එම ජාලයේ අධික සාන්ද්‍රණයකින් ට්‍රිටියම් අඩංගු වන බැවින් එය තවදුරටත් තනුක කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
බලාගාරයට සත්කාරකත්වය සපයන Okuma සහ Futaba ප්‍රදේශවලින් කැමැත්ත ලබා ගැනීමෙන් පසු TEPCO විසින් මෙම විසර්ජන පහසුකම් ඉදිකිරීම ආරම්භ කරනු ඇති නමුත් ජපානයේ ධීවර ප්‍රජාවන් මුහුදු ආහාර කර්මාන්තයේ කීර්තිමත් නාමයට හානියක් වේ යැයි බියෙන් මෙම සැලැස්මට විරුද්ධ වී ඇති මොහොතක දකුණු කොරියාව සහ චීනය විසින් ද විසර්ජනයට එරෙහිව සිය කනස්සල්ල පළ කර ඇති බව පැවැසේ.