ජපාන අමාත්‍ය මණ්‌ඩලයේ නව කැබිනට් තනතුරු ද්විත්වයක් නිර්මාණය කෙරේ


ජපාන අමාත්‍ය මණ්ඩලයට නව අමාත්‍යධූර දෙකක් පත්වේ

.

රට තුළ නව ව්‍යවසායක ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ මෙන්ම  කාබනීකරණය නොවූ පරිසරයක් බිහි කිරීමේ ප්‍රයත්නයන් සඳහා අගමැති Fumio Kishida ගේ කැබිනට් මණ්ඩලය තුළින් වගකිව යුතු නව අමාත්‍ය තනතුරු දෙකක් පත් කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. 

 

මධ්‍යම ජපානයේ Nagono ප්‍රාන්තයේ සිකුරාදා දින පැවැති දේශනයකදී මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කරමින් Kishida කියා සිටියේ රාජ්‍ය සහ පෞද්ගලික අංශය පෙළගස්වා අකාබොනීකරණය සඳහා වන ආයෝජන වැඩි කිරීම අරමුණු කර ගනිමින් නව ආරම්භක ව්‍යාපාර හරහා ආර්ථික වර්ධනය මෙහෙයවීමට තමන් පියවර ගන්නා බවයි .

 

වත්මන් කර්මාන්ත අමාත්‍ය Koichi Haguuda විසින් අකාබනිකරණ ප්‍රයත්නයේ අමාත්‍ය ධුරය ද, ආර්ථික පුනර්ජීවනය සහ COVID-19 වෛරස ප්‍රතිචාරය භාර අමාත්‍ය Daishiro Yamagiwa විසින් නව ආරම්භක ව්‍යාපාර අමාත්‍ය ධුරය ද භාර ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය .

 

"GX" යනුවෙන් ප්‍රචලිතව ඇති "හරිත පරිවර්තනයක්" ලෙස හැඳින්වෙන අකාබනීකරණ ප්‍රයත්නයන් සඳහා අවශ්‍ය වන පුද්ගලික අංශයේ දිගුකාලීන ආයෝජනයන් දිරිගැන්වීම සඳහා "පෙර නොවූ විරූ අයුරින් ආධාරක රාමුවක්" ලබා දීමටත් එහි විධායක සභාව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර එළැඹෙන බදාදා දින පළමු රැස්වීම පැවැත්වීමටත් Kishida මෙහිදී පොරොන්දු වී තිබේ .

116 Views

Comments