ආලෝකයට හිස හැරවූ වශීකෘත සූරියකාන්ත මල් යාය


දකින්නන් වශීකරවන ජපානයේ සූරියකාන්ත මල් යාය

.

Fukuoka ප්‍රාන්තයේ, Koge ප්‍රදේශයේ  Shinyoshitomi පාර අයිනේ විවේක නැවතුමට යාබදව පිහිටා ඇති Dainose Kanga නටබුන් සහිත භූමිය, සුපුෂ්පිත වී ආලෝකය දෙසට තම මුහුණ හැරවූ දර්ශනීය සූරියකාන්ත මල් 100,000 කින් පමණ සම්පූර්ණයෙන්ම වැසී පවතී. 

 

Koge නගර ශාලාවට අනුව මෙම සූරියකාන්ත වගාව අප්‍රේල් මාසයේදී, රෝපණය කර ඇති අතර, ජූලි මස මැද භාගය වනවිට එහි සියලුම ශාක මලින් බර වී තිබෙනු දක්නට ලැබිණි .

 

දිනය පුරාම සූරියකාන්ත වගාව නරඹන්නන්ගෙන් සහ ඡායාරූප ලබා ගැනීමට පැමිණෙන්නන් පිරී පවතින අතර ජූලි මස අවසානය දක්වා සූරියකාන්ත වගාවේ මල් පිපීම උච්චතම අවස්ථාවේ පවතිනු ඇති බව පැවැසේ.

Comments