ශිෂ්‍යයාගේ ටැබ්ලටයෙන් ගුරුවරුන්ගේ සංවාදයක් පටිගත වීමෙන් අර්බුදයක්


දැන් වසර කිහිපයක සිට ජපානයේ පාසල්වල එක් සිසුවෙකු සඳහා එක් ටැබ්ලට් පරිගණකය බැගින් ලබාදී තිබෙනවා.

.

දැන් වසර කිහිපයක සිට ජපානයේ පාසල්වල ක්‍රියාත්මක වන Giga School වැඩසටහන යටතේ එක් සිසුවෙකු සඳහා එක් ටැබ්ලට් පරිගණකය බැගින් ලබාදී තිබෙනවා.

කෙසේවෙතත් මෙමගින් යමගුචි ප්‍රාන්තයේ ඉවාකුනි නගරයේ කනිෂ්ඨ උසස් පාසලක් අර්බුදයක් හටගෙන තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 31 වෙනිදා අදාල පාසලේ ගුරුවරියක් සිසුන් කිහිප දෙනෙකු තම ටැබ්ලට් ඔවුන්ගේ මේසය මත තබා ඇති බව දැක ඒවා එකතු කර සුරක්ෂිතව තබා ගැනීම සඳහා ගුරු කාමරයේ මේසයක තබා තිබෙනවා.

නමුත් අවාසනාවන්ත ලෙස ගුරුවරයා නොදැනුවත්වම එක් ටැබ්ලට් පරිගණකයක පටිගත කිරීමේ බොත්තම එබී තිබෙනවා. එම අවස්ථාවේදී ගුරුවරුන් පිරිසක් සමහර සිසුන් ගැන ඔවුන්ට ඇත්ත වශයෙන්ම හැඟෙන ආකාරය ගැන එකිනෙකාට පවසා ඇති අතර ඊළඟ දවසේ ගුරුවරයා සිසුන්ට ටැබ්ලට් ආපසු ලබා දුන් පසු ශිෂ්‍යයන් අදාල පටිගත කිරීම පන්තියේ මිතුරන් වෙත යැවීමට පටන්ගෙන තිබෙනවා.

කෙසේවෙතත් පසුව එම පටිගත කිරීමේ නම් සඳහන් කර ඇති සියලුම සිසුන්ගේ නිවෙස්වලට පාසල් නිලධාරීන් ගොස් සමාව අයැද සිටි බවයි වාර්තා වන්නේ.

80 Views

Comments