ඇතැම් කොවිඩ් ප්‍රතිදේහ ඔමික්‍රොන් සඳහා ක්‍රියා නොකරන බව සනාථ වෙයි


කොවිඩ් 19 සඳහා අත්හදා බැලූ සහ සාර්ථක වූ ප්‍රතිදේහ සමහරක් ඔමික්‍රොන් වෛරසය ...

.

කොවිඩ් 19 සඳහා අත්හදා බැලූ සහ සාර්ථක වූ ප්‍රතිදේහ සමහරක් ඔමික්‍රොන් වෛරසය සඳහා සාර්ථක නොවන බව ජපාන විද්‍යාඥයන් පිරිසක් විසින් කරන ලද පරීක්ෂණයකදී අනාවරණය කරගෙන තිබේ. 

ජපාන විද්‍යාඥයන් සහ ඇමෙරිකානු විද්‍යාඥයන් කණ්ඩායමක් ඒකාබද්ධව සිදු කරන ලද මෙම පරීක්ෂණයේදී Ronapreve අන්තර්ගත ප්‍රතිදේහ එන්නත් සහ ඖෂධ ඔමික්‍රොන්  සහ එහි ප්‍රභේද සඳහා සාර්ථකව ක්‍රියා නොකරන බව තහවුරු කර ගන්නා ලදී. ඔමික්‍රොන් වෛරස සෛලවලට එරෙහිව ක්‍රියා කරමින් ශරීරය තුල ප්‍රතිදේහ ගොඩනැඟීමට ශක්තිමත් එන්නත් සොයා ගැනීම වෙනුවෙන් මෙම පර්යේෂණ දියත් කර තිබිණි.

298 Views

Comments