Tokyo හිදී මාරාන්තික පිහි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු මරණයට පත් වෙයි


ලෝකයෝ හින්දි මාරාන්තික පිහි ඇනුමකින් පුද්ගලයෙකු ඝාතනයට ලක්වේ

.

Tokyo නගරයේ Akihabara දිස්ත්‍රික්කයේ Kandaizumicho හි වීදියේදී බ්‍රහස්පතින්දා දින සවස 6.40 ට පමණ  පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් එක් පුද්ගලයකු විසින් 34 හැවිරිදි Kenji Yamanaka නම් ඔහුගේ මිතුරාගේ බඩට පිහියෙන් ඇන ඇති අතර  එම මාරාන්තික පිහි ඇනුම සම්බන්ධයෙන් Fumitoshi Sasaki නම් 35 හැවිරිදි පුද්ගලයෙකු ටෝකියෝ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.  

 

සිද්ධිය දුටු සාක්ෂිකරුවෙක් විසින් 110 අමතා ප්‍රහාරය පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇති අතර පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පැය තුනකට පමණ පසු මිය ගොස්‌ ඇති බව වාර්තා වේ. 

 

මොවුන් දෙදෙනාම අපරාධ කණ්ඩායමක සාමාජිකයින් බවත් සිද්ධියට මොහොතකට පෙර ඔවුන් තුන්වැනි පුද්ගලයකු සමඟ අසල කෝපි හලක සිට ඇති අතර බහින් බස් වීම එහිදී ආරම්භ වන්නට ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් පොලිසිය පැවැසීය.

81 Views

Comments