ඔක්තෝම්බර් මාසයේදී ජපානයට පැමිණි විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව පෙර මාසයට වඩා 15 ගුණයකින් වැඩි වී ඇති බව රජයේ දත්ත පෙන්වා දී තිබෙනවා.
ඒ ඔක්තෝම්බර් 11 වන දින සියලුම COVID-19 සීමාවන් ඉවත් කිරීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
ජපාන සංචාරක ඒජන්සියට අනුව ඔක්තෝබර් 1 සිට 10 දක්වා ජපානයට ඇතුළු වන විදේශීය සංචාරකයින්ගේ දෛනික සංඛ්‍යාව 1,900 ක් පමණ වූ අතර රජය විසින් කොවිඩ් සීමාවන් ඉවත් කිරීමෙන් පසු එය 12,900 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර පසුගිය සඳුදා වන විට නොවැම්බර් මාසයේදී ජපානයට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 140,315 ක් බවද ඒජන්සිය පවසනවා.