Abeගේ ඝාතකයා මනෝ වෛද්‍ය ඇගයීමට ලක් කෙරේ


හිටපු අගමැති තුමාගේ ඝාතකයා මනෝ විද්‍යා පරීක්ෂණ වලට යොමුකෙරේ

.

ජුලි මස මුලදී හිටපු අග්‍රාමාත්‍ය Shinzo Abe ඝාතනය කළ 41 හැවිරිදි රැකියා විරහිත Tetsuya Yamagami නම් චූදිතයා මේ වසරේ නොවැම්බර් 29 දක්වා මනෝචිකිත්සක ඇගයීමකට ලක් කරන බව ජපාන මාධ්‍ය සෙනසුරාදා වාර්තා කළේය.

 

ඔහුව මනෝචිකිත්සක පරීක්ෂණයක් සඳහා රඳවා තබන ලෙසට අභිචෝදකයන් විසින් උසාවියෙන් ඉල්ලා ඇති අතර සැකකරු ජීවත් වූ සහ වෙඩි තැබීම සිදු වූ බටහිර ජපානයේ Nara ප්‍රාන්තයේ උසාවිය ඒ සදහා අවසර ලබා දී තිබේ. 

 

හිටපු අගමැති Shinzo Abe හට ගෙදරදී නිෂ්පාදනය කරන ලද තුවක්කුවක් යොදා ගනිමින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් Yamagami ට එරෙහිව අධිචෝදනා ගොනු කරන්නේද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂණයෙන් අනතුරුව උසාවිය විසින් තීරණය කරනු ඇති බව සඳහන් වේ.

108 Views

Comments