කාන්තාවකගේ රැකියාව ඇයගේ විවාහ ජීවිතයට බාධාවක්ද යන්න පිලිබඳ ජපන් කාන්තාවන්ගේ ඇසින්


ජපාන කාන්තාවන්ගේ රැකියා කිරීම පිළිබඳව සමීක්ෂණයක් පැවැත්වේ

.

රැකියාව සහ තම පවුල සමතුලිත කර ගැනීමට උත්සාහ කිරීමේදී කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා පිළිබඳව මෙන්ම තම රැකියාව, විවාහ ජීවිතයට බාධාවක් වේද යන්න පිළිබඳව ජපාන කාන්තාවන් දරන අදහස සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ජපානයේ b-style holdings Inc. හි පර්යේෂණ අංශය විසින් Tokyo නගරයේ ඒජන්සියක ලියාපදිංචි වූ තාවකාලික කාර්ය මණ්ඩල කාන්තාවන් යොදාගනිමින් සමික්ෂණයක් සිදුකර තිබේ. 

 

එහිදී සහභාගී වූ කාන්තාවන්ගෙන් 50% ක් පමණ රැකියාව තම විවාහයට බොහෝ දුරට හෝ යම්තාක් දුරකට බාධාවක් වන බව පවසා ඇත. ස්වාමිපුරුෂයාට බිරිඳගේ රැකියාව පිළිබඳ පවතින අවබෝධය මත ඔවුන්ගේ සතුට රදා පවතින්නේ කෙසේද යන්න විමසූ විට, 67.4 % දෙනෙකු කියා සිටියේ "ඔවුන්ගේ සතුට එවැනි අවබෝධයන් සමඟ වැඩි දියුණු වන අතර එසේ නොවූ විට සතුට අඩු වන බවයි."

 

" විවාහ සතුටට බලපාන වැදගත්ම සාධකයක් වන්නේ සැමියා බිරිඳගේ රැකියාව සම්බන්ධයෙන් ඇයගේ කැමැත්තට කොතරම් සවන් දෙනවාද යන්නයි." යනුවෙන් පර්යේෂණ ආයතනයේ උපදේශක Keitaro Kawakami මෙහිදී සමස්ත ප්‍රතිඵලය පිළිබඳව අදහස් දක්‌වමින් ප්‍රකාශ කළේය .

Comments