පසුගියදා ජපානයේ රතු කුරුස සංවිධානය මඟින් පැවැත්වූ සමීක්ෂණයකට අනුව ජපානයේ වැසියන්ගෙන් සියයට හතළිහකට වඩා වැඩි ප්රමාණයක් යුක්රේන ජාතීන්ට නොයෙක් ආකාරයෙන් සහය සපයා තිබෙන බව හෙළි වී ඇත.
රතු කුරුස සංවිධානය මගින් ජපානය පුරා 1200ක පමණ පිරිසක් මෙම සමීක්ෂණයට සහභාගී කරවාගෙන ඇති අතර ජූලි මාසයේ දී පැවැත් වූ මෙම සමීක්ෂණය හරහා රුසියානු ආක්රමණය හේතුවෙන් යුක්රේන ජාතීන් මුහුණ දී මුහුණදී ඇති ගැටළු පිළිබඳව කොතරම් ප්රමාණයක් මානුෂිකව සලකා බලන්නේ ද යන්න සොයා ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් සහභාගි වූවන් ගෙන් සියයට තිස් එකක්ම විවිධ ආධාර මඟින් යුක්රේන ජාතීන්ට සහාය සපයා ඇති අතර 17%ක් විවිධ භාණ්ඩ මිලදී ගැනීම හා සේවා ලබා ගැනීම මගින් ඔවුන්ට සහාය සපයා ඇත.තවත් 11%ක පිරිසක් ස්වෙච්ඡා සේවා හරහා විවිධ ආකාර වලින් ඔවුන්ට මෙම අවස්ථාවේදී උපකාර කර ඇත.