Haruo Uenoගේ නඩුව ඊයේ


අදාල නඩුව Yamaguchi දිසා අධිකරණයේදී පැවැත්විණි.

.

පසුගිය වසරේ නොවැම්බරයේ යමගුචි ප්‍රාන්තයේ ඉවාකුනි නගරයේ සොරකම් කිරීමකට තැත් කළ බවට චෝදනා එල්ල වූ 23 හැවිරිදි Haruo Uenoගේ නඩුව ඊයේ(31) කැඳවිය.

අදාල නඩුව Yamaguchi දිසා අධිකරණයේදී විනිසුරු Masaaki Yamada යටතේ පැවැත්විණි.  

Ueno තවත් පුද්ගලයින් හතර දෙනෙකු සමග පසුගිය වසරේ නොවැම්බර් 7 වන දින අලුයම ඉවකුනි නගරයේ මිනිසෙකුගේ නිවසකට කඩා වැදී නිවැසියන් පටිවලින් ගැටගැසීමට උත්සාහ කළත් ඔවුන් ඊට විරෝධය පළ කළ නිසා මුදල් ලබා ගැනීමට නොහැකි වූ බව නඩුවේදී අනාවරණය විය.

120 Views

Comments