කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබෙන COVID-19 ආසාදනයේ අතුරු ප්‍රතිඵල


covid ආසාදනයෙන් කාන්තාවන්ට ඇතිවන අතුරු ප්‍රතිඵල පිළිබඳව සමීක්ෂණයක් පැවැත්වේ

.

ජපාන පර්යේෂකයන් කණ්ඩායමක් විසින් COVID-19 වෛරස ආසාදනයේ අතුරු ප්‍රතිඵල සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයනයකදී විශේෂයෙන්ම කාන්තාවන් තුළ එහි ප්‍රවණතාවය වැඩි බවත් කැස්ස, හිසකෙස් ගැලවී යාම සහ රස හදුනා ගැනීමට නොහැකි වීම වැනි රෝග ලක්ෂණ මූලිකව පෙන්නුම් කරන බවත් සොයා ගැනීමට හැකිවී ඇති බව වාර්තා වේ . 

 

"වෛරස් ආසාදනයෙන් පසු ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර පද්ධතියේ නිපදවෙන T සෛල ඕනෑවට වඩා වැඩි හෝ ඉතා ස්වල්පයක් සාමාන්‍යය අයුරින් බැහැර වන විට මෙවැනි පසුකාලීන විපාක මතුවිය හැකිය යන උපකල්පනය මත පදනම්ව අප විසින් අඛණ්‌ඩව පර්යේෂණ සිදු කරන්නෙමු" යනුවෙන් Kyoto විශ්ව විද්‍යාලයේ මානව ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ මහාචාර්ය Hideki Ueno සදහන් කළේය.  

 

පසුගිය ගිම්හානයේදී ඉහළ ගිය ඩෙල්ටා ප්‍රභේදය ඇතුළුව COVID-19 වෛරසය ආසාදනය වූ සහ අතුරු ආබාධවලින් පෙළෙන රෝගීන් 70 දෙනෙකුගේ පමණ රුධිරය පරීක්ෂා කිරීමට Ueno මෙහිදී පියවර ගෙන තිබූ අතර COVID-19 තුරන් කිරීම සඳහා දේහය තුළ නිපදවෙන ලද සහ ප්‍රතිශක්තිකරණය අත්පත් කර ගැනීමට සම්බන්ධ වූ T සෛල ප්‍රමාණය මෙන්ම එහි වර්ගය අනුව මෙම පසුකාලීන ප්‍රතිඵල වෙනස් වන බව නිරීක්ෂණ මගින් පෙනී ගොස් තිබේ.

169 Views

Comments