Odesa ට එල්ල කෙරුණු  මිසයිල ප්‍රහාරය  ඇමරිකාව හෙළාදකියි


රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ප්‍රහාරය බොහෝ රාජ්‍ය නායකයන් ගේ හෙළා දැකීමට ලක් වෙයි

.

යුක්රේනයේ  Odesa වරාය නගරයට එල්ල කෙරුණු  රුසියානු මිසයිල ප්‍රහාරය  ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken විසින් දැඩිව හෙළා දැක තිබේ.

 

ඔහුගේ ප්‍රකාශයේ ඔහු සඳහන් කර ඇත්තේ යුක්රේනය කෘෂිකර්මාන්තය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කළු මුහුද හරහා සිදු කිරීමට ගිවිසුම් ගතවූ  ධාන්‍ය  අපනයනය  මෙම මිසයිල ප්‍රහාර හේතුවෙන් බාධා වෙනු ඇති බවත් රුසියාව ඔවුන්ගේ පොරොන්දුව ගිවිසුම අත්සන් කර පැය විසි හතරක් යෑමට පෙර කඩා දැමූ බවත්ය.

 

එම ගිවිසුම ප්‍රකාරව යුක්රේනය  Odesa ඇතුළු වරාය තුනකින් එම ධාන්‍ය රැගත් නෞකා පිට වීමට නියමිතව තිබුණි. තවද රුසියාවේ මෙම  වගකීම් විරහිත ක්‍රියාව හේතුවෙන්  ගෝලීය ආහාර අර්බුදය තව තවත් දරුණු තලයකට රැගෙන යාමට  ඔවුන් රුකුල් සපයන බව ඔහු ප්‍රකාශ කර තිබේ . 

Comments