ආදි ශිෂ්‍යයන්ගේ උත්සාහය මත ඉතිරි වී පවතින Kumamoto පාසලේ දේවස්ථානය


Brown chapel දේවස්ථානය ඊට අනියුක්ත පාසලේ ආදි ශිෂ්‍යයන් විසින් සංරක්ෂණය කර රැක බලා ගනියි

.

නිරිතදිග ජපානයේ Kumamoto ප්‍රාන්තයේ Chuo Ward හි පිහිටා ඇති Kyushu Gakuin Junior සහ Senior High School හි ක්‍රීඩා පිටිය ඉදිරිපිට නිර්මණය කර තිබෙන Brown Memorial Chapel නම් පැරණි දේවස්ථානයේ ව්‍යුහය අතිශයින් දිරාපත් වීම හේතුවෙන් මීට පෙර කිහිප වරක් කඩා බිඳ දැමීමේ තර්ජනයට ලක්වූ අතර පාසලේ ආදි ශිෂ්‍යයන් විසින් දියත් කරන ලද සංරක්‍ෂණ ව්‍යාපාර මගින් කුඩා කාලයේ මතකයන් සජීවීව රැදී ඇති දේවස්ථානය අද දක්වා විරාජමානව ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට හැකිවී තිබේ . 

 

1925 දී පාසලේ නිර්මාතෘ වූ ආචාර්ය Charles Lafayette Brown ගේ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් ඉදිකරන ලද මෙම දේවස්ථානයේ සැලසුම, ජපානය පුරා පිහිටි බටහිර විලාසිතාවේ ව්‍යුහයන් බොහොමයක් සහ වෙනත් දේවස්ථාන කීපයකට මූල බීජය සැපයූ එක්සත් ජනපද ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන William Merrell Vories විසින් සකස් කර ඇති බව පැවැසේ. 

 

Kumamoto ප්‍රාන්තයේ ජාතික වශයෙන් ලියාපදිංචි වූ පළමු ස්පර්ශ්‍ය සංස්කෘතික දේපල ලෙස 1996 දී නම් කරන ලද සහ 750 දෙනෙකුට පමණ නවාතැන් ගත හැකි මෙම දේවස්ථානයට ජපානයේ පූජනීය ස්ථානයක් ලෙස දිගු ඉතිහාසයක් ඇති අතර 1978 දී සිදු කරන ලද ප්‍රතිසංස්කරණය කටයුතු වලින් අනතුරුව මේ වනවිට එය පාසල් විශේෂ සිදුවීම් වලදී , පල්ලිය ආශ්‍රිත රැස්වීම් වලදී සහ ආදි ශිෂ්‍ය විවාහ උත්සව වලදී භාවිතා කරනු ලැබේ.

Comments