88 හැවිරිදි පියා ඝාතනය කිරීමට තැත් කළ පුත්‍රයෙකු අත්අඩංගුවට ගැනේ


තම පියා ඝාතනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගනියි

.

Aomori ප්‍රාන්තයේ Kuroishi හි පිහිටි නිවසේ තම පුතා සමග පදිංචිව සිටි 88 හැවිරිදි පියාට සෙනසුරාදා අලුයම 5.50 ට පමණ පිහියකින් ඇන ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට Michiaki Odagiri නම් 52 හැවිරිදි රැකියා විරහිත පුත්‍රයා ප්‍රාදේශීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

 

ඔහු නිවසේ සාලයට වී සිටි පියාගේ හිසට, අතකට සහ පාදයකට පිහියෙන් ඇන ඇති අතර උදෑසන 6 ට පමණ Odagiri ප්‍රහාරය එල්ල කරන විටදී නිවසේ සිටි වෙනත් සාමාජිකයෙකු විසින් පොලිසිය අමතා ප්‍රහාරය පිළිබඳව දැනුවත් කර තිබේ .

 

වහාම එම ස්ථානයට ළඟා වූ පොලිස් නිලධාරීන් හට පිහියක් අතැතිව සිටි Odagiri දැකගැනීමට හැකි වූ බවත් එහිදී එක් නිලධාරියෙකු විසින් තම තුවක්කුව ඇද සැකකරුට පිහිය බිම දමා නිශ්චල වන ලෙස අණ කරද්දී තවත් නිලධාරියෙකු ඔහුට මාංචු දැමූ බවත් පොලීසිය සඳහන් කළේය .

 

මෙහිදී තුවාල ලැබූ පියා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බවට වෛද්‍යවරුන් පවසා ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී බීමතින් සිටි Odagiri තම පියාට පහරදීමට හේතුවූ කිසිදු නිශ්චිත කරුණක් තවමත් ඉදිරිපත් කර නොමැති බව පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් පැවැසීය.

155 Views

Comments