සංචාරක සිහිවටන සහ තෑගි සඳහා රටේ ජනතාව තුළ පවතින ඉල්ලුම COVID-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් තියුනු ලෙස පහත වැටීමත් සමඟ ජපන් සම්ප්‍රදායික "Wagashi" රසකැවිලි සදහා පාරිභෝගිකයන් අතර පැවති බහුතර ජනප්‍රියතාවය මෑත වසර කීපය තුළදී විශාල වශයෙන් පහත වැටී තිබේ.
කෙසේ නමුත් 1803 දී ආරම්භ කරන ලද සහ Kyoto නගර මධ්‍යයේ Shijo-dori වීදියේ පිහිටා ඇති Kameya Yoshinaga වෙළෙඳසැල ද ඔවුන්ගේ සංගමයේ අනෙක් ඒවා මෙන් 2020 අප්‍රේල් මාසයේ පටන් ආදායම් රහිත, දුෂ්කර කාලයකට මුහුණ දුන් අතර සභාපති Yoshikazu Yoshimura ගේ අප්‍රතිහත ධෛර්යය නිසා යළිත් වරක් රටේ ඉහළම මට්ටමකට වෙළෙඳසැල ගෙන ඒමට ඔහුට හැකිවී ඇත .
අන්තර්ජාල ලෝකය තුළින් ඉදිරි ගමනක් සෙවීමේ අරමුණින් ට්විටර් සමාජ මාධ්‍යය භාවිතා කිරීමට පටන් ගත් ඔහු විසින් සිය සමාගමේ නිෂ්පාදන හඳුන්වාදීමට අමතරව, නිෂ්පාදන ක්‍රියාවලියේ වීඩියෝ පළ කිරීමට පියවර ගෙන ඇති අතර
එහි එක් විඩියෝවක් "අපි ඒගාර් භාවිතයෙන් රසකැවිලි මත රැලි සාදන්නෙමු" යනුවෙන් නම් කර තිබූ අතර “එය සිසිල් සහ කලාත්මකයි" යනුවෙන් පවසමින් මිලියන 6 කට වඩා වැඩි වාර ගණනක් නරඹන්නන් විසින් එය නරඹා තිබිණි.
ඔහුගේ නාලිකාව තුළ මේ වනවිට අනුගාමිකයන් 23,000ක් පමණ සිටින අතර ඔවුන්ගේ සුප්‍රසිද්ධ නිෂ්පාදනවලින් එකක් ලෙස සැලකෙන සමාගමේ අත්සන සහිතව ඒගාර් ආලේප කර සාදනු ලබන "Ubatama" මෙන්ම "Sliced Yokan" ඇතුළු රසකැවිලි සාදන වීඩියෝ මාලාවක් ඔහු පළ කර ඇති අතර මෙම ප්රයත්නයන් හේතුවෙන් සමාගමේ අලෙවිය පූර්ව වසංගත මට්ටම දක්වා යළිත් වරක් ප්‍රකෘතිමත් කිරීමට හැකියාව ලැබී තිබේ.