ප්‍රතිශක්තිකරණ එන්නත් හේතුවෙන් මරණයට පත්වූවන්ට ප්‍රතිලාභ ගෙවීමට ජපාන රජය සූදානම් වේ


කෝවිඩ් එන්නත හේතුවෙන් මරණයට පත් වූවන්ට වන්දි ගෙවීමට එරට රජය සූදානම් වේ

.

COVID-19 වෛරසය සදහා වන ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමෙන් පසුව 90 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් මරණය පත්වීම හේතුවෙන් රජයේ එන්නත් සහන ක්‍රමවේදය යටතේ හානියට පත් පවුලේ සාමාජිකයන් වෙනුවෙන් එකවර වන්දි මුදලක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශ අනුකමිටුව ජුලි 25 දින තීරණය කර ඇති බව වාර්තා වේ. 

 

එන්නත් කිරීම සහ ඇගේ මරණය අතර පවතින ස්ථිර සම්බන්ධය හේතුවෙන් ජපානයේ පළමු වරට ප්‍රතිශක්තිකරණ පනත යටතේ සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යවරයා විසින් මියගිය කාන්තාවගේ පවුලට යෙන් මිලියන 44.2 ක‍ වන්දි මුදලක් පිරිනැමීම වෙනුවෙන් අවසාන අනුමැතිය ලබා දීමට නියමිතව ඇති බව පැවැසේ .

 

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, COVID-19 එන්නත ලබා දීමෙන් පසුව කාන්තාවට උග්‍ර අසාත්මික ප්‍රතික්‍රියාවක් සහ උග්‍ර හෘදයාබාධයක් වැලදී ඇය මියගොස් ඇති අතර එන්නත් කිරීමට පෙර ඇයට ආඝාතය සහ අධි රුධිර පීඩනය වැනි නිදන්ගත රෝගී තත්ත්ව පැවති බවට වෛද්‍ය වාර්තා තහවුරු කර ඇත.

 

එන්නත් කිරීම නිසා ඇතිවන අහිතකර ප්‍රතික්‍රියා සහ සෞඛ්‍ය ගැටලු තුරන් කිරීම කළ නොහැකි බැවින්, විශේෂයෙන්ම එන්නත් කිරීම සමඟ ඇති සම්බන්ධය බැහැර කළ නොහැකි අවස්ථාවලදී වෛද්‍ය වියදම් වැනි ප්‍රතිලාභ ලබා දීමට හැකි වන පරිදි රජය විසින් මෙවැනි සහන ක්‍රියාපටිපාටියක් පිහිටුවීමට පියවර ගෙන තිබේ .

Comments