ජපානයේ පළමු වැනි Monkeypox ආසාදිතයා තහවුරු කර ගැනේ


ජපානයෙන් Monkeypox ආසාදිතයයෙකු පළමු වරට හඳුනා ගැනේ

.

ජුලි 26 වන සඳුදා දින ජපානය සිය පළමු Monkeypox ආසාදිත රෝගියා එරටින් වාර්තා වූ බවට නිවේදනය කළ අතර Tokyo නගරයේ පදිංචිව සිටි 30 හැවිරිදි පුද්ගලයකු වන ඔහු ආසාදනය හදුනාගැනීම සදහා සිදුකළ පරීක්ෂාවේදී ධනාත්මක බවට තහවුරු වූ බව Tokyo අගනගර රජය මෙහිදී සදහන් කළේය .

 

ඔහු පසුගිය ජූනි මස අග සිට ජූලි මස මැද දක්වා යුරෝපීය රටකට ගොස් ඇති අතර එහිදී Monkeypox ආසාදනය වූ පුද්ගලයෙකු සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත් ආසාදනයට හේතුව එය විය හැකි බවටත් නිලධාරීන් සැක පළ කර තිබේ. දැනට රෝහල්ගතව සිටින මෙම පුද්ගලයා ජූලි 15 වනදා අසනීප වීමට පටන් ගෙන ඇති අතර උණ, හිසරදය සහ කැසීම ඔහුගේ මූලික රෝග ලක්ෂණ ලෙස ක්‍රමයෙන් පෙන්නුම් කර තිබේ .  

 

මෙය සමීප කායික සම්බන්ධතා හරහා බොහෝ දුරට සමලිංගික පිරිමි පුද්ගලයන් මගින් පැතිර යන රෝගයක් වන අතර එහි මූලික රෝග ලක්ෂණ වන්නේ දින 5 සිට 21 දක්වා පුර්ව ලියාපදිංචි තක්සේරු කාලයකින් පසුව උණ, පුළුල් ව පැතිර ගිය කුෂ්ඨ, සමේ තුවාල සහ ඉදිමුණු වසා ගැටිති හටගැනීම වේ.

149 Views

Comments